කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් පනවා ඇති ඇදිරි නීතිය හමුවේ මහජනතාවගේ දෛනික කටයුතු වලදී ඔවුන්ට මතුවන සමාජ ගැටලු විසදා ගැනීම සදහා ශී‍්‍ර ලංකා පොලිසිය සහයෝගය ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රෝගී තත්ත්වයන්, විදුලිය බිද වැටීම, ජල සැපයුම බිදවැටීම, ඖෂධ අවශ්‍යතාවයන් සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් පහත දුරකථන ඔස්සේ සම්බන්ධ වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම දුරකථන අංක 119, 011- 2444480, 011 – 2444481