News Line| Off Air
Generic placeholder image

Mar
25

ජනපති ගෝඨාභයගෙන් ලෝක මූල්‍ය ආයතනවලට ඉල්ලීමක්

1309 Views


ජනපති ගෝඨාභයගෙන් ලෝක මූල්‍ය ආයතනවලට ඉල්ලීමක්

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටීනවා.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- 19 සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මෙම සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post