මේ වන විට ලෝකයේ දැනට පවතින තත්වය හමුවේ නිවෙස් තුළට වී සිටින ලෙසට රජය විසින් සිදුකර ඇති දැනුම්දීම් නොසලකා සිය නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් සොයා බි‍්‍රතාන්‍ය පොලීසිය දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතානයේ මාර්ගවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය නිවෙසින් බැහැරට පැමිණෙන පුද්ගලයින් හට දඩ පැනවීමටත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් පොලීසියට බලය පවරා ඇති බව ද සඳහන්.
ඒ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් පිටතට පැමිණෙන පුද්ගලයින් හට ස්ටර්ලින් පවුම් 960 ක දඩයක් එරට රජය ගෙවීමට නියෝග කර තිබෙනවා.