කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරුණා.
ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටි බව සදහන්.
කටුනායක පොලීසිය ඊයේ (26) රාත්‍රීයේ ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබෙනවා.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කටුනායක පොලීසිය, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කර තිබූ අතර මෙම සේවක පිරිස් කටුනායක අපනයන සැකසුම් කළාප ප්‍රධාන ගේට්ටුව අසළට පැමිණීමෙන් පසු ඔවුන් තම නිවෙස් කරා රැගෙන යනතෙක් සියලු කාර්යයන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර වී තිබෙනවා.
ඒ අනුව මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතුයි.
ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන්ගේ පදිංචිය අනුව නම් කර සූදානම් කර ඇති බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරනවා.