News Line| Off Air
Generic placeholder image

Mar
27

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා – ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයක්

2474 Views


විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා – ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයක්

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊ‌යේ (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරනු ලබනවා.

මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි අතර COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරෙනවා,

COVID -19 පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට ඉඩ සලසන මෙම වේදිකාවේ, මූලික ක්‍රියාකාරී කොටසෙහි ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වන ලෙස විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය තත්‍ය කාලීන දත්ත ලබා ගැනීමට මෙම වේදිකාව ඉඩ සලසයි.

මෙම විවෘත ප්‍රවේශ වේදිකාව මඟින් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පහසුකම් සැලසෙන අතර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක් කේන්ද්‍රීය ස්ථානයක් හරහා රජයේ සේවාවන්ට වැඩි ප්‍රවේශයක් ලබා දෙනු ඇත.

මෙම ද්වාරය මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමඟ ද සම්බන්ධ කරනු ඇත.

දීර්ඝ කාලීනව, මෙම ද්වාරය පුළුල් කරනු ලබන අතර, එමඟින් නිල තොරතුරු ප්‍රභවයක් ලෙස කටයුතු කිරීම සහ රජය විසින් සපයනු ලබන පුළුල් පරාසයක ඩිජිටල් සේවාවන් ලබා ගැනීම සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, හදිසි අවස්ථාවල දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මාර්ගගත උපකාරක කවුළුවක් ලෙස කටයුතු කිරීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ.

තමන් වෙසෙන රට අනුව ලියාපදිංචි වීම තුළින්, ජනතාව ඉවත් කර ගැනීම වැනි තීරණාත්මක ප්‍රතිචාර අවශ්‍ය අවස්ථාවන්හි දී ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් ගණන මත පදනම්ව, ස්ථිරසාර ප්‍රතිපත්තිමය තීරණ යෝජනා කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට ඉඩ සැලසෙනු ඇත.

මෙම පහසුකම් සැලසීම පහසු කිරීම සඳහා, නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs) ලැයිස්තුවක් ද මෙම ද්වාරයට ඇතුළත් වන අතර, එය පොදු විමසුම් සඳහා මාර්ගෝපදේශයක් වනු ඇත.

ඕනෑම මාර්ගගත ගවේශකයක් හෝ අතුරු මුහුණතක් භාවිත කරමින් අන්තර්ජාලය හරහා මෙම පරිශීලක හිතකාමී වේදිකාවේ පහසුවෙන් සැරිසැරීමට හැකිවන අතර, විමසීමක් කිරීම හෝ උදවු උපකාර ඉල්ලා සිටීම සඳහා සියලුම ලියාපදිංචි පරිශීලකයින්ට ජංගම දුරකථනයක් මඟින් වුවද ඊට ප්‍රවේශ විය හැකිය.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා, මෙම ද්වාරය හරහා ලබා දෙනු ලබන දත්ත සුරක්ෂිත කර ඇති අතර, පරිශීලකයින්ගේ අවසරයකින් තොරව ඒවා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙනු ඇත.

‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් මාර්ගගත සේවා වේදිකාවක් නිර්මාණය කිරීම පිණිස මෙම ද්වාරයෙහි විශේෂාංග අදියර වශයෙන් පුළුල් කිරීම සඳහා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විදේශ සබඳතා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරනු ඇත.

මෙම ඒකාබද්ධ වේදිකාව මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා දැනට පවත්නා සේවා සැපයීම ඉහළ තලයකට ඔසවා තබනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට, මෙම ද්වාරයෙන් ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස ආරාධනා කරනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post