News Line| Off Air
Generic placeholder image

Mar
27

මීටරයක අවම පරතරය නැතිනම් මාස 06ක් සිරගෙට – සිංගප්පූරු රජයෙන් නිවේදනයක්

880 Views


මීටරයක අවම පරතරය නැතිනම් මාස 06ක්  සිරගෙට –  සිංගප්පූරු රජයෙන් නිවේදනයක්

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රකාශයට ඇති මෙම තීරණය අද (27) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වැලැක්විමේදී සමාජ දුරස්තභාවය පවත්වා ගැනිම මූලික කරුණක් වන අතර ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල දී මීටරයක අවම පරතරය පවත්වා ගැනිමට කටයුතු නොකරන පුද්ගලයින්ට සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක් හෝ මාස 06ක සිරදඩුවමක් නියම වනු ඇති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post