News Line| Off Air
Generic placeholder image

Mar
27

අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

3997 Views


අගමැති කාර්යාලයෙන්  විශේෂ නිවේදනයක්

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අගමැති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

1 අනාගත ගෝලීය ආහාර අර්බුදයටද ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගැනේ.
2.ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කෙරේ.

  1. කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුල ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වන්නැයි අග්‍රාමාත්‍ය වරයා ඉල්ලයි.

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුලින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වෙන විට රජය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.
මහා පරිමාණ කෘෂි කර්ම වැඩ පිළිවෙළ දියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරීම අවශ්‍ය පහසුකම් සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොවිජන සේවා කොමසාරිස් වරයාට සහ කෘෂිකර්ම කෘෂිකර්ම නිලධාරීන් ඇතු`ඵ කෘෂිකරම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
මේ යටතේ ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය වරයා උපදෙස් දී ඇත.

කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුල ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන්නැයි ද කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දෙන්නැයිද අග්‍රමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.


News Articles
Latest Videos
Most Popular Post