News Line| Off Air
Generic placeholder image

Mar
27

මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන විදේශගත ශ්‍රි ලාංකිකයින්ට රජයෙන් ඉල්ලීමක්

3499 Views


මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන විදේශගත ශ්‍රි ලාංකිකයින්ට රජයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා.

රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබෙනවා.

සෙසු රටවල ද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනා ගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇති අතර විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බවයි රජය දැනුම් දුන්නේ.

මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතිනවා.

එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙස මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post