ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජනාධිපති කාර්යය සාධක බලකායේ රැස්වීමක් අද(28) පෙරවරුවේ පැවැත්වුණා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශවල නිලධාරීන් සහ යුධ හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වි තිබෙනවා.
ඒ අනුව රජයේ රෝහල්වල සායනිකව ලියාපදිංචි වී ඇති රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ බෙදාහැරීමට මධ්‍යම තැපැල් හුවමාරුව භාවිත කිරීම, පුද්ගලික ඔසුසැල් හරහා ඇණවුම් කළ ඖෂධ ගෙන්වාගැනීම, රාජ්‍ය ඔසුසල සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් මගින් ඖෂධ ලබාදීම සදහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි ජනාධිපති කාර්යය සාධක බලකාය පැවසුවේ.
පිළිකා රෝගීන් වැනි විශේෂ ඖෂධ අවශ්‍ය රෝගීන්ට සායනික කටයුතු සහ ඖෂධ ලබාදීම පෙර පරිදිම සිදුකිරීමට එහිදි තීරණය කර තිබෙනවා.
මේ අතර වට්ස් ඇප්, වයිබර්, ඊමෝ දුරකථන යෙදවුම් හරහා ඖෂධසැල්වලින් ඖෂධ ගෙන්වාගැනීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා.