News Line| Off Air
Generic placeholder image

Mar
28

චීනයෙන් ශ්‍රි ලංකාවට සෞඛ්‍ය උපකරණ තොගයක්

1079 Views


චීනයෙන් ශ්‍රි ලංකාවට සෞඛ්‍ය උපකරණ තොගයක්

චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

එම උපකරණ තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ ආවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊට ඇතුලත්.

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

එමෙන්ම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට හා රාගම රෝහලට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍ය කාර්යමණ්ඩලයන්ට සහ රෝහල් කාර්යමණ්ඩල අවශ්‍ය අරක්ෂිත හිස් අවරණ සහ මුඛ අවරණ නිෂ්පාදනය කර ලබාදිමට මහරගම යුනියන් ඇපරල් අයතනය කටයුතු කර තිබෙනවා.

මේ අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැඟිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරීමටද පියවර ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post