News Line| Off Air
Generic placeholder image

Mar
28

ගතවූ පැය 24 තුල ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 969 ක්

877 Views


ගතවූ පැය 24 තුල ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 969 ක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුලදී වෛරසයෙන් මියගිය වැඩිම පිරිස ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා.

ගතවූ පැය 24 තුලදී ඉතාලියේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 969 ක් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මේ වන විට ඉතාලියේ සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 9,134ක් වන අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 86,498 ක්.

මේ අතර අමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.

නවතම සංඛ්‍යා ලේඛණ අනුව අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104,463 ක්. කොරෝනා වෛරසයෙන් ඇමෙරිකාවේ මේ වන විට පුද්ගලයින් 1,588 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය පැය 24 තුල ස්පාඤ්ඤයේ මරණ 769 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 5,138 ක්.

ලොවපුරා මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 27,360 ක් වන අතර වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 597,072ක් බවයි නවතම සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post