News Line| Off Air
Generic placeholder image

Mar
28

චීනයේ වුහාන් හි කොටසක් මාස දෙදෙකකට පසු යලි විවෘත වෙයි

963 Views


චීනයේ වුහාන් හි කොටසක් මාස දෙදෙකකට පසු යලි විවෘත වෙයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය පුරා මාස දෙකක කාලයක් වසා දැමීමෙන් පසුව අද (28) දින යලි අර්ධ වශයෙන් විවෘත කර තිබෙනවා.

වුහාන් නගරයට වෙනත් නගර වලින් ජනතාවට පැමිණීමට අවසර ලබාදී ඇති අතර නගරයෙන් පිටවීමට කිසිවෙකුට අවසර හිමිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හුබෙයි ප්‍රාන්තයේ අගනුවර වන වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගීන් 50,000 කට අධික පිරිසක් වාර්තා වූ අතර මරණ 3000ක් පමණ වාර්තා වුණා.

වුහාන් නගරයේ මිලියන 11ක පමණ ජනතාවක් වාසය කරන අතර ඔවුන් පුරා මාස දෙකක පමණ කාලයක් වසා දැමු නගරය තුලට වී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post