රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය මත ජනතා ගැටලුවලට සහය සැලසීම සඳහා කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.
මෙමගින් එදිනෙදා ජන ජීවිතය අඩාල නොවී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමේ දී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා මගහැරවීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ජනතාවට සිය ගැටලු 0760 390 981, 0760 390 437, 0766527 589, 0760 390 732, 0760 390 563, 0760 390 754, 0712500031, 0766528068, 0760390564, 0760391461, 0760390725 යන දුරකථන අංක වෙත ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව පවතිනවා.