News Line| Off Air
Generic placeholder image

Mar
28

කොරෝනා ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

881 Views


කොරෝනා ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා.

අද පෙරවරු 10.00ට යාවත්කාලීන වූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ දෛනික වාර්තාවට අනුව මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමු වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙතෙක් රෝගීන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් නව දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ප්‍රතිකාර ලබන 97 දෙනාගෙන් 87 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ද නව දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබනවා.

වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ රෝහල් කිහිපයක අද පෙරවරු 10.00 වන විට පුද්ගලයන් 109 දෙනෙකු සැකපිට රදවා තබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය 25 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් දස දෙනෙකු ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 09 දෙනෙකු ද වාර්තා වනවා.

මේ අතර ඊයේ සම්පූර්ණයෙන් වසා දැමුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය ද රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post