කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රීලාංකිකයෙකු මියගොස් තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රීලාංකිකයා මොහු වන බව වාර්තා වෙයි.
70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙලෙස මියගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වාදෙයි.
ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 115 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 9 ක් වන බව සඳහන්ය.
කෙසේවෙතත් පුද්ගලයින් 199 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.