මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා.
කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමෙන් පසු මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය වී තිබෙන අතර ඒ අනුව අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එම ප්‍රදේශවල වැසියන් වෙන්කොට තැබීම සිදුවෙයි.
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය ද සම්පූර්ණයෙන් වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.