News Line| Off Air
Generic placeholder image

Mar
30

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

1707 Views


ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙන බවත් එම නිවේදනයේ සදහන්.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබන බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post