News Line| Off Air
Generic placeholder image

Mar
30

මෙරට කොරෝනා ආසාදිතයින් 105ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි

626 Views


මෙරට  කොරෝනා ආසාදිතයින් 105ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි

කොරෝනා ආසාදිතයින් 105 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරටින් රටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117කි.

ඉන් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 29 කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3 කි.

ඊට අමතරව කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල, යාපනය, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයෙකු බැගින් වාර්තා විය.කොරෝනා ආසාදිත විදේශිකයින් තිදෙනෙකු මෙරටින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඊට අමතරව සැක සහිත රෝගීන් 117 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබබමින් සිටිති.මේ අතර කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ නිරෝධායන රෙගුලාසී යටතේයි.

ඔහු 60 හැවිරිදි මාරවිල පදිංචිව සිටි සංචාරක මග පෙන්වන්නෙකි.


News Articles
Latest Videos
Most Popular Post