News Line| Off Air
Generic placeholder image

Mar
30

අනුරාධපුර ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ හොරෝව්පතාන, බණ්ඩාරවෙල යන නගරයන්හි සියලුම වෙළෙදසැල් වසා දැමේ

469 Views


අනුරාධපුර ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ හොරෝව්පතාන, බණ්ඩාරවෙල යන නගරයන්හි සියලුම වෙළෙදසැල් වසා දැමේ

ඇඳරි නීතිය ඉවත් කෙරුණ ද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව යන ප්‍රදේශවල තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම සුපිරි වෙළඳසැල් ද වසා දැමීමට තීරණය කර ඇති බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සදහන් කළා. බණ්ඩාරවෙල නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

මේ අතර අදාළ පුද්ගලයා පසුගිය 18 වනදා දියතලාව රෝහල වෙත ගොස් ඇති අතර ඔහු රෝහලේ සහ බෙහෙත් ශාලාවේ පැය කිහිපයක් ගත කර ඇති බව ද වාර්තා වෙයි.

කෙසේවෙතත් බැංකු කටයුතු සදහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව පවතින බව ද පොලිස් අධිකාරීවරයා පැවසුවේය.

මේ අතර ඇදිරි නීතිට ඉවත් කළද අනුරාධපුර දිස්ත්‍රිකයේ ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ හොරෝව්පතාන යන නගරවල වල පොදු වෙළදසැල් , තොග සහ සිල්ලර වෙළදසැල් මෙන්ම සුපිරි වෙළස සංකිර්ණ වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මහනුවර අකුරණ ප්‍රදේශයෙන් හමුවු නව කොරෝනා වෛරස අසාදිත පුද්ගලයා අදාළ ප්රදේශවල සංචාරය කර ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේය.

මේ අතර බේරුවල පන්නිල ග්‍රාමයෙන් ද නව කොරෝනා අසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ කිසිදු පුද්ගයෙකුට නිවෙස් වලින් පිටතට නොයන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post