News Line| Off Air
Generic placeholder image

Mar
30

දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

1344 Views


දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි. එම පළාත් සඳහා අද දහවල් 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇති. කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන අතර කවරෙකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළු වීමට හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post