News Line| Off Air
Generic placeholder image

Mar
30

උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

772 Views


උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රජයෙන්  විශේෂ දැනුම්දීමක්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අනියුක්ත කෙරුණු රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් අද සේවයට පැමිණීමට අවශ්‍ය නොවන බව රජය දැනුම් දෙයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමේ අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා වෛරස මර්දන රාජකාරී සඳහා අනුයුක්ත කිරීමට තීරණය කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මතයි.


News Articles
Latest Videos
Most Popular Post