News Line| Off Air
Generic placeholder image

Mar
30

ලොව පුරා ‌කොරෝනා මරණ 33000 ඉක්මවයි

1005 Views


ලොව පුරා ‌කොරෝනා මරණ 33000 ඉක්මවයි

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ‌හේතුවෙන් ‌මේ වනවිට පුද්ගලයන් 33,000කට වැඩි පිරිසක් මරණයට පත් වී ති‌බේ. මෙම වසංගතයට අමෙරිකාව සහ යුරෝපා කලාපය මේ වන විට දරුණු ලෙස ගොදුරුවී අවසන්ය.

නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 33,956ක් වාර්තා වී තිබේ. හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 721,412 කි. කෙසේවෙතත් ආසාදිතයින් 151,000කට වැඩි පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවී තිබෙන්නේ අමෙරිකාවෙන් වන අතර ප්‍රමාණය අද වන විට එක් ලක්ෂ හතළිස්දහස ඉක්මවා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post