News Line| Off Air
Generic placeholder image

Mar
31

ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක 6ට නැවත දන්වනතුරු දිගටම ඇඳිරි නීතිය

1651 Views


ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක 6ට නැවත දන්වනතුරු දිගටම ඇඳිරි නීතිය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට (අප්‍රේල් 01 බදාදා) උදෑසන 6.00 ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post