News Line| Off Air
Generic placeholder image

Apr
1

ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට

567 Views


ලොව පුරා කොරෝනා මරණ  ගණන 42107 ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් 42,107 දෙනෙකු මිය ‌ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර එය 837 දෙනෙකු බව සඳහන් වෙයි.අමෙරිකාවෙන් නව මරණ 719 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වෙයි.

ලෝකයේ වැඩියෙන්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රට බවට පත්ව සිටින අමෙරිකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 87,340 දෙනෙකු වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post