ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය අදාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි පුද්ගලයින් 172 කු සිය නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හැරුණු බව ගුවන් හමුදාව සඳහන් කළා.
විදෙස් රටවල සිට පැමිණි අදාල පිරිස පසුගිය මාර්තු මස 21 වනදා සිට ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියා.