කොරෝනා වෛරස අවධානම හේතුවෙන් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගීන් වෙනුවෙන් ගෙවීමට සැළසුම් කර ඇති දීමනාව හෙට දිනයේ (06) ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා.
දැනට මෙම දීමනාව ලබන ආබාධිත සහ වකුගඩු රෝගීන් මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සියළු දෙනාට රුපියල් 5000 ක් වූ එම දීමනාව නිවසටම ගොස් ගෙවීමටයි සැළසුම් කර ඇත්තේ.
දැනට අපේ‍්‍රල් මාසය සදහා රුපියල් 2000 ක දීමනාව ගෙවා ඇති සියළූම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා තවත් රුපියල් 3000 ක අමතර මුදලක් හෙට දිනයේ ගෙවීමට නියමිතයි.
එමෙන්ම සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අනිද්දා සිට කි‍්‍රයාත්මක කරනු ඇති.