News Line| Off Air
Generic placeholder image

Apr
5

අද මාතරින් හමු වූ කොරෝනා රෝගීයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙක්

1320 Views


අද මාතරින් හමු වූ කොරෝනා රෝගීයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙක්

අද(05) දිනයේ මාතර ප්‍රදේශයෙන් හදුනාගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

42 හැවිරිදි තිදරු පියෙකු වන අකුරැස්ස, මලිදූව, කොහුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වි ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

දකුණු කොරියාවේ සිට පැමිණි මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය මස 24 වනදා සිය නිවසට පැමිණ තිබුණා.

කෙසේවෙතත් නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔහු සමඟ සිටි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් මෙම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා.

එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මලිදූව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එම්.එච්.ඩබ්ලිව්.එම්. සරත්චන්ද්‍ර මහතා සඳහන් කළා.

මෙම පුද්ගලයා නිරෝධායන කටයුතු අවසන් කර පැමිණිය ද ස්වයං නිරෝධායනයට ලක් නොවී ප්‍රදේශය පුරා සැරිසරා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අතර රත්මලාන ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ රත්මලාන, ජනශ්‍රී මාවතේ පුද්ගලයින් 34 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මොවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මීට අමතරව ජනශ්‍රී මාවතට දින 14 ක කාලයක් කිසිඳු පුද්ගලයෙකුට ඇතුළු වීම තහනම් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් වෙත ගියද නිවෙස් තුළ තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම්දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post