News Line| Off Air
Generic placeholder image

Apr
7

තවත් කොරෝනා රෝගීන් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

625 Views


තවත් කොරෝනා රෝගීන් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 42 ක්.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 28ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 180 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ මරණයත් සමඟ මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගියා.

එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 257 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.


News Articles
Latest Videos
Most Popular Post