මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමඟ බුද, සිකුරු, අඟහරු, බ්‍රස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දින අද (07) රාත්‍රී අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මඟකයි.
එහිදී චන්ද්‍රයා, පෘථිවියට ළගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇති වුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා කි.මි. 50000 ක් පමණ ළංවන බැවින් සඳු ඇතින් පිහිටන දිනක දීට වඩා 14% විශාලව, හා 30% වඩා දීප්තිමත්ව, පෙනෙන නීසාවෙන් එයට සුපිරි සඳ යන නම භාවිතා කරනු ලැබේ.
සුපිරි සඳක් නැරඹීමට හොඳම වෙලාව චන්ද්‍රයා ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් පිහිටන සඳු පායන හෝ බසින අවස්ථාව බව මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවා.
අද දින සවස නැගෙනහිරින් සඳ උදාවන විට චන්ද්‍රයා ද බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්‍රලෝකය ද අපට දැක ගැත හැකියි.
මෙම සුපිරි සඳ නැරඹීම සඳහා හෙට(08) අළුයම 5.00 ත් – 5.30 ත් අතර කාලය වඩා සුදුසු බව ඔහු පවසන අතර එවිට බටහිර සිට පිළිවෙලින් අහස මුදුනට වන්නට කහ පැහැයෙන් දිස්වන යෝධ බ්‍රහස්පති, වළලුපලන් ග්‍රහයා වන සෙනසුරු, සහ රත් පැහැ අඟහරු යන ග්‍රහයින් තිදෙනා එක ළඟට වන්නටද, නැගෙනහිර ක්‍ෂිතිජයට ආසන්නව බුධ ග්‍රහයා ද දීස්වනු ඇති.
මෙම ග්‍රහ දසුන හෙට රාත්‍රී කාලයේද දැක ගත හැකියි.
මෙම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා නමින් හැඳින්වුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමඟ ඇතිවන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල්වර්ගයක් නිසා මෙනමින් හඳුන්වනවා.
මේ අතර උතුරුකරයේ රටවලට සීත ඍතුව පහවී එළබෙන ග්‍රීෂ්මයේ දී පරිසර උෂ්ණත්වය වැඩිවීමත් සමඟම එම රටවල කොරෝනා ව්‍යවසනයේ ඉක්මන් තුරන්වීමක් ද බලපොරොත්තු වියහැකි බව මහාචාර්ය චන්දන ජයරත්න සදහන් කළා.