News Line| Off Air
Generic placeholder image

Apr
8

ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමා ශාලා හිමියන්ට හා සිනමා ශිල්පීන්ට සහනයක්

734 Views


ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමා ශාලා හිමියන්ට හා සිනමා ශිල්පීන්ට  සහනයක්

ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට තුන්මසක කාලයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සූධීර නිලංග විතාන මහතා නිවේදනය කළා.

මේ අනුව ඉදිරි මාස තුනක කාලය සඳහා මසක් පාසා සේවක මණ්ඩල වැටුප් හා නඩත්තු කටයුතු සඳහා දීමනාවක් ලෙස රුපියල් 50,000 ක් ද ඉතිරි රුපියල් 50,000 ක මුදල මසක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකි පොළී රහිත ණය මුදලක් ලෙස ද ලබා දීමට කටයුතු කිරීමට නියමිත බව සදහන්.

තවද චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශිල්පී විශ්‍රාම වැටුප් ක්‍රමය ‍ය‍ටතේ ශිල්පීන් හා ශිල්පීනියන් 160කට මාසිකව ගෙවනු ලබන රුපියල් 5000 ක දීමනාව අදාළ මාසයේ 3 වන දිනට පෙර ගෙවීමට ද සංස්ථා සභාපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිනමා ශිල්පි සංවිධානය වන සිනෙස්ටාර් පදනම මඟින් රුපියල් 5000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල සහ අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post