පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රදේශයන්හි මුහුදු රළ මීටර 2-2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමෙන්තුව පැවසුවේ.
එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.
ධිවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවෙන් ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඊයේ දිනයේද දකුණු කළුතර වෙළරබඩ ප‍්‍රදේශයේ මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් ඒ ආශ‍්‍රිත පවුල් 40 ක් පමණ පීඩාවට පත්ව තිබුණා.
එහෙත් ඔවුන්ගේ නිවෙස් වෙත මුහුදු රළ පැමිණ තිබුණද ජීවිත හානි කිසිවක් වාර්තා වුණේ නැහැ.