News Line| Off Air
Generic placeholder image

Apr
9

මෙරට කොරෝනා ආසාධිතව මිය ගිය 07 වන මරණයේ අවසන් කටයුතු සිදුකෙරේ

671 Views


මෙරට කොරෝනා ආසාධිතව මිය ගිය 07 වන මරණයේ අවසන් කටයුතු සිදුකෙරේ

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කළා.

එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී තිබෙනවා.

44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියා.

ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණිමෙන් අනතුරුව ඔහුට වෛරස වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවා.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් 189 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 44 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ වෛරස් ආසාධිතයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.

මේ අතර වෛරස් ආසාධිතයින් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා ඇති පිරිස 42,000 ක් බවට පැතිර යන තොරතුර සාවද්‍ය බවයි ඔහු සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post