පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී තිබේ.
එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
පසුගිය 7 වන දා නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ සේවක මණ්ඩල විසින් අඛණ්ඩව විදුලිය සපයමින් මහජනතාවට සපයක සේවාවන් ඇගයීම සඳහා අමාත්‍යවරයා එම විදුලි බලාගාරය වෙත ගොස් රජය හා මහජනතාව වෙනුවෙන් කෘතඥතාවය පළ කර ඇත.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයයේ වුවද නොරොච්චෝල විදුලි බලාගාරය ඇතුළු විදුලි බල ස්ථානයන්හි සේවය කරන මණ්ඩල කරන කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.