කොවිඩ් 19 වෛරස ආසාදනය වු කාන්තාවක් බේරුවල ප්‍රදේශයෙන් අද අලුතින් හදුනා ගැණුනා.
ඇයගේ සැමියා ඉන්දුනීසියාවේ සංචාරක නිරතව පැමිණි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 190 ක් වන අතර ඉන් පුද්ගලයින් 135 දෙනෙකු තවමත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.
එමෙන්ම පුද්ගලයින් 47 දෙනකු අද වන විට සුවය ලබා සිටිනවා.
වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 242 ක්.