News Line| Off Air
Generic placeholder image

Apr
10

මන්නාරමේ තාරපුරම් ගම්මානය මුද්‍රා තබයි

651 Views


මන්නාරමේ තාරපුරම් ගම්මානය මුද්‍රා තබයි

පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් ආසාදිතයෙකු තාරපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවාස කිහිපයකට ද ගොස් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඇසුරු කර ඇති බවට අනාවරණය වූ බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව පවුල් 900 ක පමණ පුද්ගලයින් 4600 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීම සදහා එම ගම්මානය හුදෙකලා ගම්මානයක් බවට පත් කර තිබේ.

එමෙන්ම ප්‍රංශයේ සිට මෙරටට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුර සංචාර නිකේතනයක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි ප්‍රංශ ජාතික යුවලක් නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසු අදාල සහතිකය ලබා දීම සිදු කෙරුණි.


News Articles
Latest Videos
Most Popular Post