News Line| Off Air
Generic placeholder image

Apr
10

කොරෝනා සටනේ නිරත සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට රක්ෂණාවරණයක්

1207 Views


කොරෝනා සටනේ නිරත සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට රක්ෂණාවරණයක්

කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුම් වල යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්‍ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද, දරුවන් නොමැති පවුලකට අවිවාහක අයෙකුට රු. ලක්ෂ 10 බැගින් ද ගෙවීමට නියමිතයි.

මෙමගින් ආවරණය කෙරෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායකයන්, රියදුරන්, සුළු සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලත් වනවා.

මෙරට ජනතාව වෙනුවෙන් අවධානම නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නොමිලේ පිරිනමනු ලබන ප‍්‍රථම සහ එකම රක්‍ෂණ ක‍්‍රමය මෙය වනවා.

මේ යටතේ මුදල් අයකිරීමෙන් තොරව, රක්‍ෂණ සමාගමේ වෙන වෙනම ලියාපදිංචි වීමකින් තොරව ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දෙන සෞඛ්‍ය නිළධාරින්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත ගෙවීම් සිදුකෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post