News Line| Off Air
Generic placeholder image

Apr
10

IPL තවදුරටත් කල් යයි

973 Views


IPL තවදුරටත් කල් යයි

මෙවර අයි.පී.එල් තරගාවලිය තවදුරටත් කල් දමා තිබෙනවා.

එය පැවැත්විය හැකි කාලසීමාවක් මෙම අවස්ථාවේ තීරණය කළ නොහැකි බව අයි.පී.එල් සභාපති රජිව් ශුක්ලා මහතා පැවසුවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර තරගමාලාවේ ආරම්භය අපේ‍්‍රල් 15 දක්වා කල් දැමුණා.

එහෙත් දැනට පවතින වාතාවරණය හමුවේ එදින තරගමාලාව ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

දැනට පවතින එකම අරමුණ කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීම පමණක් බවත් ඒ සදහා ඉන්දීය රජය ගෙන යන වැඩපිලිවෙලට පූර්ණ සහය ලබාදෙන බවත් රජීව් ශුක්ලා මහතා වැඩිදුරටත් අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post