News Line| Off Air
Generic placeholder image

Apr
11

පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තෑග්ගක්

1023 Views


පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තෑග්ගක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබෙනවා.

2020.03.11 වන දින සිට 2020.04.10 වන දින දක්වා දැඩි කැපවීමෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමය ඔප්නැංවීමට මෙම පිරිස ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ත්‍යාගය ලබා දීමට තීරණය කළ බව සදහන්.

පොලිස්පතිවරයා විසින් අනුමත කර එම මුදල් ගෙවීම සඳහා පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ එයට පහළ තනතුරුවල එක් එක් නිලධරයාට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 5000 ක් බැගින් ‍මුදල් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post