News Line| Off Air
Generic placeholder image

Apr
12

පාස්කු ඉරුදින අදයි

648 Views


පාස්කු ඉරුදින අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අද (12) යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙයි.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි.

පාස්කු මංගල්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දී ඇත්තේ විවිධ බලවේගවලින් එතෙරව යහපත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට අවස්ථාව පවතින බව යැයි සඳහන් වෙයි.

මේ අතර පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පාස්කු දින මංගල්‍ය මේ රටේ කිතුනු බැතිමතුන්ගේ‍ සොඳුරු ආගමික මතකයක් බවයි.

එහෙත් පසුගිය වසරේ ඉතා වේදනාත්මක එකක් බවට පත්වු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අදටත් එහි කම්පනය මැකී ගොස් නැති බවත් රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම එවන් සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජයේ දැඩිව වග වී සිටින බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාස්කු දින පණිවිඩයේ සඳහන් වෙයි.

රටත්, ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව නිවෙස්වල සිට ජේසු සමිඳාණන් වෙනුවෙන් කැප වෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පවසයි.

ජේසුස් වහන්සේගේ දේශනා සිහි කරමින් මනුෂ්‍යයා පාපයෙන් මුදා ගැනීමට සියලු දෙනාට හැකි වේවා යැයි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර සිටියි.


News Articles
Latest Videos
Most Popular Post