News Line| Off Air
Generic placeholder image

Apr
12

රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට

993 Views


රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයින් හේතුවෙන් රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට ලක් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කළ පිරිසක් මෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

කෙසේවෙතත් කොවිඩ් 19 රෝගය සමාජය තුළ පැතිර යෑමේ තත්ත්වයට මෙතෙක් පත්ව නොමැති විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රට තුළ පවතින තත්ත්වය හමුවේ මේ මස අවසන් වන විට ඇතැම් දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමේ හැකියාවක් පවතින බව ද අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පවතින තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද ඒ ආකාරයෙන්ම පැවතියහොත් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනිමට හැකියාව ලැබෙනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post