News Line| Off Air
Generic placeholder image

Apr
12

මෙරට කොරෝනා රෝගීන් ගණන 199ක් දක්වා ඉහළ යයි

569 Views


මෙරට කොරෝනා රෝගීන් ගණන 199ක් දක්වා ඉහළ යයි

ඊයේ(11) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝගීන් 138 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224ක්.

එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ. අප්‍රේල් 10) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 7 දෙනාගෙන් 6 දෙනෙකුම ජා ඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා ළඟින් ඇසුරු කළ පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post