News Line| Off Air
Generic placeholder image

Apr
13

දිවයිනේ පී.සී.ආර් පරික්ෂණය කරගැනීම සදහා ස්ථාන 12 ක්

806 Views


දිවයිනේ පී.සී.ආර් පරික්ෂණය කරගැනීම සදහා ස්ථාන 12 ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609 ක් සිදු කිරිමට පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නා.

මේ වන විට මෙරට තුළින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 210 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ වෛරස ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් සියලු දෙනා අනිවාර්ය නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරාගත් නියදිවල පුද්ගලයින් ද පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post