News Line| Off Air
Generic placeholder image

Apr
14

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ විසි දාහකට ආසන්නයි

657 Views


ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ විසි දාහකට ආසන්නයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 20,000 ට ආසන්න වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 19,595 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එය 26,448 ක්. ඊයේ(13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ 1513 ක් වාර්තා වී තිබේ.

මේ වන විට අමෙරිකාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 86,748 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉතාලිය තුළ ද මේ වන විට මරණ 20,465 ක් සිදුව ඇති අතර පුද්ගලයින් එක් ලක්ෂ 59,516 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

ලොව දෙවන වරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 70,099 ක්.

ස්පාඤ්ඤයෙන් මරණ 17,756 ක් වාර්තා වන අතර ප්‍රංශයෙන් මරණ 14,967 ක්ද, බ්රි1තාන්ය යෙන් මරණ 11,329 ක්ද වාර්තා වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post