News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
15

රජයෙන් තවත් පිරිසකට රු.5000 දීමනාව හිමිවෙයි

1097 Views


රජයෙන් තවත් පිරිසකට රු.5000 දීමනාව හිමිවෙයි

රටේ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමි වූ පෙරපාසල් ගුරුවරුන්ට, කුඩා තේ වතු හිමියන්ට, ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට, අත් යන්ත‍්‍ර හා පේෂ කර්මාන්තයේ යෙදෙන අයට, හස්ත කර්මාන්තයේ යෙදෙන්නන්ට, උසාවි නියෝග අනුව නඩත්තු ගැනීමට සුදුසුකම් ලැබූවන්ට, පෞද්ගලික බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ට, පාරම්පරික අයුර්වේද වෙදමහතුන්ට ඇතුළු කණ්ඩායම් රැසකට රු. 5000 දීමනාව අපේ‍්‍රල් 20 වනදා වන විට ලබාදෙන බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.

මීට අමතරව ගම්වල සිටින තවත් කණ්ඩායම් රැසකට ගම්වල පිහිටුවන කමිටුවක් මගින් එකවර ගෙවන දීමනාවක් ලෙස රු.5000 දීමනාව ලබා දෙන බව අමාත්‍යවරිය පැවසුවා.

අපේ‍්‍රල් 17 හා 18 එම කමිටු රැස්වන අතර අපේ‍්‍රල් 20, 21 හා 22 යන දිනවල ඔවුන්ට එම දීමනාව ගෙවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post