News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
15

ඉන්දුනීසියාවේ දේව මෙහෙයට ගිය කොරෝනා ආසාදිතයාගේ පුතාටත් වෛරසය වැළදෙයි

750 Views


ඉන්දුනීසියාවේ දේව මෙහෙයට ගිය කොරෝනා ආසාදිතයාගේ පුතාටත් වෛරසය වැළදෙයි

ඉන්දුනීසියාවේ ආගමික දේව මෙහෙයක් සඳහා ගොස් ‍ඉකුත් මාර්තු 16 වැනිදා මෙරටට පැමිණි පුත්තලම,රත්මල්යාය අල්කාසිම්සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි 62 හැවිරිදි කොවිඩ් 19 ආසාදිතයාගේ වැඩිමහල් පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අතරතුරයි.

38 හැවිරිදි වියේ පසුවන ඔහු කල්පිටිය ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් බව සදහන්.

ඒ අනුව ඔහු පදිංචිව සිටි අල්කාසිම්සිටි නිවස සහ ඒ අවට පදිංචිකරුවන් පිළිබඳ විස්තර ලබා ගැනීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් අද එහි ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post