News Line| Off Air
Generic placeholder image

Apr
15

ටයිටැනික් ගිලී අදට අවුරුදු 108 යි – ටයිටැනික් නැව ගැන මේ දේවලුත් ඔබ දැන සිටියාද?

3274 Views


ටයිටැනික් ගිලී අදට අවුරුදු 108 යි – ටයිටැනික් නැව ගැන මේ දේවලුත් ඔබ දැන සිටියාද?

ජැක්ගෙයි රෝස්ගෙයි ආදරය පටන් ගත් ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී අදට අවුරුදු 108 ක් ගතව තිබෙනවා.

1912 අපේ‍්‍රල් 15 වන දින උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම ටයිටැනික් නැව ගිළුණු බව සදහන්. වැඩිම සේවකයින් පිරිසක් සේවය කළ විශාලතම සාගර නෞකාව ලෙස හැදින්වූ මෙම ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් 14 වන දින 23.40 (නැවේ වෙලාව) අයිස් කුට්ටියක ගැටුණා. මේ අවස්ථාවේදී එහි සේවකයින් 2224 දෙනෙකු නැව තුළ සිටි බව සදහන්.

ඔබ සැවොම දන්න ටයිටැනික් නෞකාව ගැන මේ තොරතුරුත් දැන සිටියා ද?

1. ලොව විශාලතම මගී නෞකාව වන මෙහි දිග මීටර් 269 ක් වන අතර මෙය මිනිසා විසින් පෘතුවිය තුළ සාදන ලද දැවැන්තම වස්තුව ලෙසද හදුන්වනවා.

2. මිනිසුන් 1178 කට පමණ රැදී සිටීමට හැකි ජීවිතාරක්‍ෂක ලී බෝට්ටු 16 ක් ද තවත් වෙනත් වර්ගයේ බෝට්ටු 04 ක්ද මෙහි තිබෙනවා.

3. මෙම නෞකාව 1911 මැයි 31 වන දින උතුරු අයර්ලන්තයේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි අන්තර් මුහුදු තීරයක් වන බෙල්ෆාස්ට් ලොයි හීදී දියත් කර තිබෙනවා.

4. මෙම නෞකාව නිපදවීම සදහා ඩොලර් මිලියන 7.5 ක් වැය වී ඇති අතර නැව් තනන්නන් 3000 ක් පමණ මේ සදහා යොදාගෙන තිබෙනවා.

5. මෙහි ගමන් ගන්නා පළමු පන්තියේ මගීන්ට ගීත 352 ක් අඩංගු සංගීත පොතක් ලබාදෙන අතර එම මගීන් විසින් සංගීත ශිල්පීන් වෙත ඉල්ලීම් කරනු ලබන ඔ්නෑම ගීතයක් සංගීත ශිල්පීන් දැනගත යුතුයි.

6. නෞකාවේදී දුම් පානය කිරීමට හැකි වූයේ උත්සව අවස්ථාවකදී පමණක් වන අතර එමගින් නැවේ ආකර්ශණය වැඩි දියුණු කරගැනීමට එය හේතුවක් වී තිබෙනවා.

7. ටයිටැනික් නෞකාව ගිලීමේ අනතුරින් මිය ගිය සංඛ්‍යාව කොපමණදැයි තවමත් දන්නේ නැහැ.

8. ටයිටැනික් නෞකාව ගිලෙන අවස්ථාවේදීද සංගීත ශිල්පීන් තම සංගීත කටයුතු වල නිරත වී ඇති අතර සංගීතය සමගම ඔවුන්ට ඔවුන්ගේ ජීවිතද අහිමි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post