News Line| Off Air
Generic placeholder image

Apr
16

උල්කා වර්ෂාවක් සහ ග්‍රහලෝක සංදර්ශනයක් දැකබලා ගැනීමේ ජනතාවට දුර්ලභ අවස්ථාවක්

940 Views


උල්කා වර්ෂාවක් සහ ග්‍රහලෝක සංදර්ශනයක් දැකබලා ගැනීමේ  ජනතාවට දුර්ලභ අවස්ථාවක්

කොරෝනා වසංගතය හමුවේ මිනිස් ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමකට අවම වීම හේතු කොටගෙන මේ දිනවල විශේෂයෙන්ම තාරකා විද්‍යා නිරීක්ෂණ සදහා උචිත ගුවනක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම ග්‍රහලෝක සංදර්ශනයක් ද අලුයම 4.30 – 5.00 ත් අතර කාලය තුල බ්‍රහස්පති ග්‍රහලෝකය, සෙනසුරු හා අගහරු ග්‍රහලෝකය ද ක්ෂ්තිජයේ දැකගත හැකි බව වාර්තා වෙනවා. එමෙන්ම අලුයම 5.30 අතර කාලය තුල නැගෙනහිර ක්ෂ්තිජයේ බුධ ග්‍රහලෝකය ද දර්ශනය වීමෙන් එකවර ග්‍රහලෝකයන් 04 ක් දැකගැනීමට ජනතාවට අවස්ථාව උද වෙනවා.

එළඹෙන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව එම අයතනය වැඩි දුරටත් සඳහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post