දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලිමීටර 50-75 ත් අතර වැසි ඇති වෙයි.
ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි.
සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.