News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
17

ගත වු පැය 24 තුල ‌මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැත

665 Views


ගත වු පැය 24 තුල  ‌මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැත

ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (16) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 68ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ වෛරසය ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 163 දෙනෙකු වෛද්‍යා අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


News Articles
Latest Videos
Most Popular Post