News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
18

ලොව පුරා ‌කොරෝනා මරණ 154,000 ඉක්මවයි

566 Views


ලොව පුරා ‌කොරෝනා මරණ 154,000 ඉක්මවයි

ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 54,126 ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගත වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 85,670 ක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ ලොව පුරා වෛරස ආසාදිතයින්ගේ ගණන විසි දෙලක්ෂ 48,037 ක් වෙයි.

කෙසේවෙතත් පන් ලක්ෂ 70,792 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් අමෙරිකාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති පසුබිමක ඊයේ දිනයේදී ද අමෙරිකාවෙන් මරණ 2516 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 37,135 ක් බව වාර්තා ‌වේ.


News Articles
Latest Videos
Most Popular Post